ඔබේම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද?
*ව්‍යාපාර ක්ෂේත්රය කියන්නේ විශාල වපසරියකින් යුත් දිනෙන් දින අලුත් වන ඉසව්වකි. ලෝකයේ පැවැත්මටත් එක් අතකින් ප්රබලවම බලපාන්නේ ව්‍යාපාර අංශයයි. කෙනෙක්ගේ සමාජ මට්ටම තීරණය වෙන්නේ මේ ආර්ථිකය කියන සාධකයත් සමගය. ඉතින් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න කවුරු උනත් මහන්සි ගන්නේ දිවා රැයක් නොබලාමයි. ඉන්න තැනින් අඩිය හරි ඉහලට එන්න තමයි හැමෝම උත්සහ කරන්නේ. අද තියන ආර්ථිකයත් එක්ක එක රැකියාවක් කරලා මදි කියල තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් ඒ ය පොඩියට හරි තමන්ගේම කියල ව්‍යාපාරයක් කරන්න උත්සහ කරනවා. දැන් අපි බලමු කොහොමද එකට මුල් ආරම්භය ගන්නේ කියලා...
මුල්ම දේ තමයි ඔබ සතුව ඇති හැකියා නිපුණතා හදුනා ගැනීම?
*කෙනක් සමහර විට තමන්ට තියෙන හැකියා ගැන නොදන්නවා වෙන්න පුළුවන්.නැත්නම් ඒ හැකියාවන් ගණන් නොගෙන ඉන්න පුළුවන්. ඉතින් මුල්ම සාධකය තමයි තමන්ට තියෙන හැකියාව ලැදියාව කියන එක තේරුම් ගැන එක. එවිට පුළුවන් තමන් කරන ව්‍යාපාරය කුමක්ද කියා තමන්ටම තීරණය කරන්න. එහෙමත් නැත්නම් ඒ සම්බන්ද වෘත්තිමය සුදුසුකම් දැනටමත් ඔබ සපුරාගෙන තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන් සතු හැකියා දක්ෂතා හදුනා ගන්න එක වැදගත්. එක තමන් ප්‍රිය කරන දෙයක් වීම අත්‍යාවශ්‍යයි.
ඔබ ළඟ තිබෙන සම්පත්වලින් නිසි අයුරින් ප්‍රයෝජන ගන්නේ කෙසේද?
*ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මහා ලොකු මුදලක්වත් මහා ලොකු ඉඩකඩක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ නිකමටවත් සිතන්නේ නැතිව ඇති ඔබ පාවිච්චි කර ඉවත දමන දේවල්වලින් කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් කියලා. ඉවත ලන කඩදාසි, බීම බෝතල්, ටයර්, පොල්කටු වගේ දේවල් ඒ සඳහා උපයෝගී කරගන්න පුළුවන් කියලා ඔබ නිකමටවත් සිතුවේ නෑ නේද? අනිත් එක ඔබට තියෙන්නේ පුංචි කඩ කාමරයක් වෙන්න පුළුවන්.හිතමින් හිටියනම් ඒ ගැන වැද වෙන්න එපා. පුළුවන් ඔබ සිතන තැනම කුඩා ව්‍යාපාරික ස්ථානයක් කරගන්න.ඕන තරම් මහ පාරේ උනත් ව්‍යාපාර කරන කාලෙක හිත හිත ඉන්නේ නැතිව ඔබ සතුව ඇති දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබගේ නිර්මාණශීත්වය අනුව ඔබටම පුළුවන් තැනෙ හැටියට ඇණේ ගහගන්න.
ආයෝජකයන් සොයා ගැනීම?
*ඔබ කුමන තරාතිරමක කෙනෙක් උනත් ඔබ සමාජයේ පවත්වාගෙන යන හිතවත්කම් ඔබේ ව්‍යාපාරයට රුකුලක් වෙන්න පුළුවන්. ආරාම්භයේදීම තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට එන ගැනුම්කරුවන් සීමිත වෙන්න පුළුවන්. එහෙමයි කියල ඔබ අධෛර්යමත් වෙන්න එපා. ඔබේ තියන සම්බන්ධතා හිතවත්කම් එක්ක ගැනුම්කරුවන් වගේම ආයෝජකයන් ඔබට අත්වැලක් වේවි.
පාරිභෝගික අවශ්‍යතා කුමක්ද යන්න අවබෝධය
*වඩාත්ම සාර්ථක ව්‍යාපාරික අදහස් බොහොමයක් ගැටළුවක් හදුනා ගැනීමෙන් හා විසදුම් හදුනා ගැනීමෙන් පැමිණේ. ඒ නිසා අවබෝධයකින් යුතුව ප්‍රශ්නයක් දිහා බැලීම් වැදගත්. කරන්නන් වාලේ ව්‍යාපාරයක් කරන්න ගියොත් වෙන්නේ ලක් තැනම ලොක් වෙන්න තමයි. ඒ කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය දේ මොනවද කියලා හදුනා ගන්නවා වගේම ඉල්ලුමට සරිලන ලෙස සැපයුමක් දීමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම මෙහිදී වැදගත් වන්නේ පාරිභෝගිකයා කැමති දේ හදුනා ගැනීමයි.
ව්‍යාපාරික සැලැස්මක් ලියාගන්න.
*ව්‍යාපාර සැලැස්මක් ලිවීමට කාලය ගත කිරීම ඔබේ ව්‍යාපාරය දියත් කිරීමේදී ඉතා වැදගත් වේ.
එහෙත් අද වනවිට එය මගහැරී ඇත. ඔබ ඔබට අවංක වෙන්න. ඔබට දැනෙන අදහස් සියල්ල ලියාගන්න. ඉන් හොඳම අදහස ක්‍රියාත්මක කරන්න. අනාගතයේදී ඔබේ ව්‍යාපාරය සාර්ථක වෙනකොට ඔබට ඔබේ ව්‍යාපාරය ඉස්සරහට අරන් යන්න තව අවස්ථා ලැබෙයි. ඒ නිසා අනාගත බලාපොරොත්තු ඇතිව ආයෝජකයන්ට සැලැස්ම පෙන්වන්න පුළුවන් විදියට හදාගෙන තිබ්බොත් වැඩිය හොදයි. තවත් කාරණාවක් තමයි ව්‍යාපාරයේ නැගීම් බැසීම් ඇති වෙනකොට ඒක ස්ථාවරයකට ගෙන්න ඔබ කලින් තියාම ව්‍යාපාරික සැලැස්මක් ලියාගෙන තිබ්බොත් එය තවත් උදව්වක් වේවි.
ඔබේ තරගකරුවන් කවුද යන්න හදුනාගන්න ඕනෙ
*ලෝකයේ වඩාත්ම සාර්ථක හා පළපුරුදු ව්‍යාපාරිකයන් ගැන කරදර නොවන්න. වැදගත් වන්නේ ඔබ, ඔබ කෙරේ දක්වන විස්වාශය මිස අන් කිසිවක් නොවේ. ව්‍යාපාරික ක්ෂේත්රය තුළ තරගකාරිත්වය අත්‍යාවශ්‍ය දෙයක්. එත් තරගකාරිත්වයට මුහුණ දෙන්නට කලින් සාදා ගැනීම වැදගත් වේ. ඊට පසුව තමන් එක්ක ඉන්න තරගකරුවන් හදුනාගෙන ඔවුන්ට වඩා ඔබගේ ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට ලැබෙන විශේෂතා ගැන හිතලා ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරන්න.
ඉලක්ක ගත ග්රාහකයන් කවුද යන්න හදුනාගන්න.
*ඔබගේ ව්‍යාපාරික සේවාව ලබා දෙන්න අදහස් කරන් ඉන්න අය කවුද කියන එක හදුනා ගැනීම වැදගත්. එවිට ඒ අයගේ අවශ්‍යතා සපුරාගනිමින් නිෂ්පාදන හා සේවාවන් නිර්මාණය කිරීමට ඔබට හැකිවනු ඇත. එවිට දෙපාර්ශවයටම තෘප්තිමත් විය හැක.
සෑම විටම ව්‍යාපාරයක් සතුව ගුණාත්මකභාවය සදහා කැපවීම එම ව්‍යාපාරය දියුණු කිරීම සදහා හේතුවක් වේ. ඒ සදහා ඔබගේ විශ්වාසය, උනන්දුව හා කැපවීම අත්‍යාවශ්‍ය වන අතර ඉවසීම ප්‍රගුණ කිරීමෙන් වෙළදපල තරගකාරිත්වය සමග මුසුවෙමින් සාර්ථකව ව්‍යාපාරයක් ගොඩ නගා ගත හැකිවනු ඇත.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී මතක තබා ගත යුතු කරුණු කිහිපයක්
*ශ්‍රී ලංකාවේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී වෙළදපොළ තුල තිබෙන තත්වය පිලිබදව හොදින් අධ්‍යනයක් කළ යුතුය. ඕනෑම ක්ෂේත්රයක ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී මතක තබා ගත යුතු කරුණු 5ක් පිලිබදව අපි අද සොයා බලමු.
1.ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ පිළිවෙල
*ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ලියාපදිංචි කල යුතුය. ඒ පිලිබදව ඔබට මෙම වෙබ් අඩවිය ඔස්සේ තවදුරටත් දැනුවත් විය හැකිය.
2.ප්රාග්ධනය ලබාගැනීමේ අපහසුතාවය
*ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ප්රාග්ධනය ඉතාමත් අත්‍යවශ්‍ය කරුණකි. ඔබ සතුව ප්‍රමාණවත් මුදලක් නොමැති නම් ඔබට ඒ සදහා ණය මුදලක් ලබාගත හැකිය. ඔබට එසේ ණය මුදලක් ලබාගැනීමට අපහසුතාවයක් ඇති නම් ඔබගේ ව්‍යාපාරය සුළු මට්ටමකින් ආරම්භ කරමින් එය දියුණු වීමේදී මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් කරගැනීමට ඔබට හැකියාවක් ඇත.
3.මුල්‍ය ආයතනයක් සමග සම්බන්දතාවයක් ඇති කරගැනීම
*ව්‍යාපාරය ආරම්භයේ පටන්ම මුල්‍ය ආයතනයක් හෝ බැංකුවක් සමග සම්බන්දතාවයක් ඇති කරගැනීම ඉතාමත් වැදගත් වනු ඇත. එය ව්‍යාපාරයේ වර්දනයට, පැවැත්මට බෙහෙවින්ම බලපානු ඇත. මේ සදහා ඔබ විසින් බැංකුව සමග ගිණුමක් ආරම්භ කරමින් එහි ගණුදෙනු නිසි ලෙස පවත්වාගෙන යාම කල හැකිය.
4.ව්‍යාපාර සැලැස්මක් පිළියෙළ කිරීම
*ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීමට් පෙර සැලැස්මක් ඔබ විසින් පිළියෙළ කල යුතුය. එය ආරම්භ කරන්නේ කෙසේද? පවත්වාගෙන යන්නේ කෙසේද? මෙවැනි බොහොමයක් කරුණු එයට ඇතුලත් වේ. ව්‍යාපාර සැලැස්මක් පිළියෙළ කරගැනීම තුලින් ඔබට් ඔබේ ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යාමට ඔබට හැකියාවක් ඇත.
5.ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ලබා ගැනීම
*ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට විවිධ ආකාරයේ සම්පත් අවශ්‍ය වනු ඇත. මුල්‍ය සම්පත්, මානව සම්පත් වැනි බොහෝ ද ව්‍යාපාරයකට අවශ්‍ය වෙයි. නිසි වෙලාවට නිසි කාලයට ව්‍යාපාරයට මෙම සම්පත් ලබාගත යුතුය. නැත්තම් එය ව්‍යාපාරයේ පැවැත්මට බාධාවක් වනු ඇත.
උපදෙස් පත්‍රිකා අංක 01
ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සදහා උපදෙස්
*ඔබගේ අයදුම්පත සම්පූර්ණ කිරීමට ප්‍රථම පහත උපදෙස් කියවන්න.
*තනි පුද්ගල ව්‍යාපාර නාම ඉල්ලුම්පත්‍රය- (බ.ප.) ආර් 1ආකෘතිපත්‍රය
*හවුල් ව්‍යාපාර නාමයක් ඉල්ලුම්පත්‍රය- (බ.ප.) ආර් 2 ආකෘතිපත්‍රය
*ව්‍යාපාර නාම ලියාපදිංචි අයදුම්පතේ පසුපිටෙහි ඇති උපදෙස් ද බලන්න.
*ව්‍යාපාර නාමය අනුමත කිරීම සිදු කරනු ලබන්නේ රෙජිස්ට්‍රාර්වරයා විසිනි.
ව්‍යාපාර ස්වාභාවය
*ව්‍යාපාර ස්වාභාවය වෙළඳාමක්, ආනයන/ අපනයන කිරීමක් හෝ නිෂ්පාදනයක් නම් වෙළදාම් කරනු ලබන, ආනයන/ අපනයන හෝ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ පැහැදිලිව සදහන් කල යුතුය.
*ව්‍යාපාර ස්වාභාවය කාමර/නවාතැන් පහසුකම් සැපයීම, සම්භාහන මධ්‍යස්ථාන/ගෙස්ට් හවුස් වැනි අවස්ථාවලදී ව්‍යාපාරයට අදාළ පොලිස් වසමෙන් ලබා ගත වාර්තාව ඉදිරිපත් කල යුතුය.
*ඖෂධ, සුවඳ විලවුන් උපකරණ අලෙවියේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නියම කර ඇති වෛද්‍ය තාක්ෂණ හා සැපයීම් අධ්යක්ෂ කාර්යාලයේ නිර්දේශය
*ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සැපයීමේදී සේවය කරන බවට ආයුර්වේද වෛද්‍යවරයාගේ ලිපිය සහ ආයුර්වේද වෛද්‍ය සභාව විසින් නිකුත් කල හැදුනුම්පතේ පිටපත
*වෘත්තීමය කටයුතු සම්බන්ධයෙන් වන ව්‍යාපාරයන්හීදී අදාළ වෘත්තීය සුදුසුකම් සනාථ කෙරෙන සහතිකයන්හි ඡායා පිටපත්
*රුපලවන්‍යගාර සහ ස්පා සම්බන්ධයෙන් අදාළ පුහුණු සහතික
*පෙර පාසැල් හා ළමා රැකවරණ මධ්‍යස්ථාන සදහා මුල් ළමාවිය සංවර්ධන සහකාරගේ නිර්දේශය
අදාළ ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කල යුතු ලියවිලි
1. ග්‍රාම නිලධාරී වාර්තාව
*මෙය අදාළ ඉල්ලුම්පත්‍රය සමග නිකුත් කරනු ලැබේ.
*ව්‍යාපාර ස්ථානයට අදාළ වසම භාර ග්‍රාම නිලධාරී විසින් අත්සන් කර ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කර තිබීම අනිවාර්ය වේ.
*අදාළ ග්‍රාම නිලධාරී වාර්තාවේ කපා හැරීම්, මැකීම්, මකන දියර භාවිතා කිරීම් සිදු කර ඇත්නම් එකී ස්ථානයේ ග්‍රාම නිලධාරී විසින් සියඅත්සන යොදා නිල මුද්‍රාව තැබිය යුතුය.
2. ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත
*ඉල්ලුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය. ද්විත්ව පුරවැසිභාවය දරන්නේනම් සනාථ කල යුතු ලියවිලි ඉදිරිපත් කල යුතුය.
*විදේශ ගමන් බලපත්‍ර/ රියදුරු බලපත්‍ර පිටපතක් ඉදිරිපත් කල හැක්කේ ජාතික හැඳුනුම්පත අපැහැදිලි අවස්ථාවලදී එය තහවුරු කිරීම සදහා පමණි.
*ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම් එකී පුද්ගලයාගේ පදිංචි වසමේ පොලිස් ස්ථානාධිපති වෙතින් ලබා ගත පොලිස් වාර්තාව ඉදිරිපත් කල යුතුය.
*ජාතික හැඳුනුම්පත නැවත ලබාගැනීම සදහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත්නම් ඒ බව සනාථ කිරීම සදහා ග්‍රාම නිලධාරී විසින් සහතික කර නිකුත් කරන ලද කුවිතාන්සිය ඉදිරිපත් කල යුතුය.
3. අදාළ ව්‍යාපාර ස්ථානය තහවුරු කිරීම
*තමාට අයත් වන්නේ නම් එම ඔප්පුවේ මුල් පිටපත සමග නොතාරිස්වරයකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.
*බදු/ කුලී ගිවිසුමක් යටතේ පවත්වාගෙන යන්නේ නම් එකී ගිවිසුමේ මුල් පිටපත් සමග නොතාරිස්වරයකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.
(ඉහත කී අවස්ථාවන්හීදී එහි මුල් පිටපතද ඉදිරිපත් කල යුතු අතර එය අදාළ ඡායාස්ථ පිටපත සමග සසදා ආපසු භාර දෙනු ලැබේ.)
*ව්‍යාපාර ස්ථානයට අදාළ ඔප්පුව යම් බැංකුවක්/ මුල්‍ය ආයතනයක් වෙත උකස් කර ඇත්නම් එම ආයතනය විසින් සහතික කරනු ලැබූ ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.
*යම් ව්‍යාපාර ස්ථානයක් අයිතිකරුගේ කැමැත්ත මත පමණක් පවත්වාගෙන යන්නේ නම් අදාළ ඔප්පුවේ සහතික පිටපතට අමතරව එකී ව්‍යාපාර ස්ථානයේ අයිතිකරු/ අයිතිකරුවන් වෙතින් ඒ සදහා විරුද්ධත්වයක් නොමැති බවට ලිපිය සහ එකී තැනැත්තා/ තැනැත්තන්ගේ ජාතික හැඳුනුම්පත්/ විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපතක් ඉදිරිපත් කල යුතුය.
*ඉහත කී ලේඛන මගින් ව්‍යාපාර ලිපිනය තහවුරු නොවන අවස්ථාවලදීඅදාළ ග්‍රාම නිලධාරී විසින් එකී ලිපිනයන් තහවුරු කිරීමේ ලිපියක් ඉදිරිපත් කල යුතුය. ආසන්නතම වර්ෂයට අදාළ තක්සේරු දැන්වීමේ පිටපතක් ද මෙහිදී ඉදිරිපත් කල හැක.
4. හවුල් ව්‍යාපාර ගිවිසුමක් ඇතොත් එහි පිටපතක්
5. රෙජිස්ට්‍රාර් විසින් අවස්ථානුකුලව කැඳවිය හැකි වෙනත් ලියවිලි ඇතොත් ඒවා
*මෙහිදී රෙජිස්ට්‍රාර් විසින් නියම කරනු ලබන ඉහත කී ලියවිලි වලට අමතර වෙනත් ලියවිලි ද කැඳවිය හැක.
*ව්‍යාපාරයක් ආරම්භ කර දින 14 ක් ඇතුලත හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉඩ දෙනු ලබන කාල සීමාවක් ඇතුලත (මෙහීදී දින 30ක් දක්වා සහන කාලයක් දෙනු ලැබේ.) ලියාපදිංචිය සිදු කල යුතු අතර නියමිත කාලය ඉකුත්වී ඉදිරිපත් කරන අයදුම්පත් සදහා ප්‍රමාද ගාස්තුවක් අය කරනු ලබන අතර එකී ගාස්තුව තීරණය කරනු ලබන්නේ රෙජිස්ට්‍රාර්වරයා විසින් පමණි.
*තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සදහා රු. 2500.00 ක ගාස්තුවක්ද හවුල් ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සදහා රු. 3000.00 ක ගාස්තුවක්ද අය කෙරේ.
*රජයේ වැඩ කරන දින 5 ක් ඇතුලත සහතිකය නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.
ඔබේ ව්‍යාපාරය ආරම්භක මට්ටමේ සිට ඉහළ නංවාගන්නේ කෙසේද?
*වත්මන් ව්‍යාපාරික සමාජය තුළ ව්‍යවසායකයකු වීම යම් අභියෝගාත්මක කරුණක් වුවත් ශ්‍රේෂ්ඨ ව්‍යවසායකයෙකු වීමට වෙර දරණ පුද්ගලයෙකුට එය එතරම් අභියෝගයක් නොවේ. සාර්ථකත්වය සඳහා ඇති දැඩි කැපවීමත් මානසික ශක්තියත් ඊට ප්‍රධානතම හේතුවයි.
ඕනෑම ව්‍යවසායකයකු ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදි ව්‍යාපාරයේ අනාගත වර්ධනය හා දියුණුව පිළිබඳ නිරන්තර අවධානය යොමු කරයි. ඒ සඳහා ඔවුන් විවිධ ක්‍රමවේද අනුගමනය කරයි. එම ක්‍රමවේදයන් අතරින් ඉතාමත් වැදගත් ක්‍රමවේදයක් වන්නේ ව්‍යාපාරයේ ආරම්භය මට්ටම ඉහළ නැංවීමයි. මෙම ක්‍රමවේදය පිළිබඳ බොහෝදෙනා දැන සිටියත් එය නියමාකාරව අනුගමනය කරන්නේ ඉතාමත් සුළු පිරිසකි. එසේනම් ව්‍යාපාරයේ ආරම්භක මට්ටම ඉහළ නැංවීම සඳහා අනුගමනය කළ යුතු නිවැරැදි ක්‍රමවේදයන් මොනවාද යන්න පිළිබඳ අද අප අවධානය යොමු කරමු.
ඔබ ව්‍යාපාරික හිමිකරුවකු ලෙස ඔබේ සමාගමේ දැක්ම ඉදිරියට ගෙනයාමේ වගකීම ඔබ සතුවේ. එ බැවින් ව්‍යාපාරය සතු ඉලක්ක හා අභියෝග සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර එකී ව්‍යාපාරය සංවර්ධනය සඳහා අවශ්‍ය ව්‍යාපාරය ඊලඟ මට්ටමට වෙත ගෙන යා හැකි උපාය මාර්ග කීපයක් මෙසේ සඳහන් කළ හැකිය.
1) නව නීති අනුව ව්‍යාපාරය හැඩගස්වා ගන්න.
2) නව අදහස් නිර්මාණය කිරීම සඳහා ඔබේ ඉහල සේවකයින් සහ කළමනාකරුවන් සමග නිතරම සාකච්ඡා කරන්න.
3) ඔබේ අනාගත ගනුදෙනුකරු තේරුම් ගන්න.
4) වඩා හොඳ පාරිභෝගික සේවාවක් සැපයීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්න.
5) ව්‍යාපාර සඟරා කියවන්න.
6) ඔබේ ඵලදායිතාවය වර්ධනය කරගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න පුරුදු භාවිතා කරන්න.
1) නව නීති අනුව ව්‍යාපාරය හැඩගස්වා ගන්න.
*ව්‍යාපාර පරිසර නිතරම වෙනස් වන බැවින් නව නීති පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම ඉතාම වැදගත් වේ. මෙම නව නීති ව්‍යාපාරයට නව ආයෝජනයක් ලබාදීම සදහා මහත්සේ උපකාර වන බව හොඳින් මතකයේ තබා ගන්න.
2) නව අදහස් නිර්මාණය කිරීම සඳහා ඔබේ ඉහල සේවකයින් සහ කළමනාකරුවන් සමග නිතරම සාකච්ඡා කරන්න.
*ව්‍යාපාරයක සාර්ථකත්වයට ඇති එක් ප්‍රධානතම හේතුව වන්නේ සේවකයින් සතු ව ඇති නිර්මාණශීලීත්වය යි. ව්‍යාපාරයේ සාමාජිකයන්ගේ අදහස්, දැනුම, බුද්ධිමත් භාවය යන කරුණු වලට මූලිකත්වය ලබා දීමත් එකී කළමනාකරුවන් සමග නිතරම සාකච්ඡා කිරීම මගින් සෑම ගැටලුවකටම ගුණාත්මක විසදුම් ලබාදීමට හැකිවීම මෙහි ඇති ප්‍රධානතම වාසිදායක බවයි. මෙම ක්‍රමවේදය ව්‍යාපාරයේ ආරම්භක මට්ටම ඉහළ ගෙනයාමට ඉතාමත් උපකාරී වේ.
3) ඔබේ අනාගත ගනුදෙනුකරුවන් තේරුම් ගන්න.
*බොහෝ ව්‍යාවසායකයන් ව්‍යාපාර සැලසුම් වලදී, අනාගත ගනුදෙනුකරුවන් පිළිබඳ තොරතුරු, ඔවුන්
ගේ මිලදී ගැනීම් හා තාක්ෂණ භාවිතය වැනි ක්‍රියාකාරී තොරතුරු වලට ඇත්තේ ඉතාමත් අඩු අවධානයකි. ඔබේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරනු ලබන ගනුදෙනු කරුවන් පිළිබඳ දෛනිකව අවධානයෙන් සිටීමත් ඔවුන් ව්‍යාපාර භූමියේ කරන කියන දෑ පිළිබඳ හොඳින් දැන සිටීම තුලින් ඔබේ ව්‍යාපාරයේ ඉදිරි ගමනට අවශ්‍ය මොනවාද යන්න නිසැකවම ඔබට තීරණය කළ හැකි වේ.
4) වඩාත් හොඳ පාරිභෝගික සේවාවක් සැපයීම සඳහා සමාජ මාධ්‍ය හා නව තාක්ෂණය භාවිතා කරන්න.
*වත්මන් සමාජය තුළ සමාජ මාධ්‍ය බොහෝ සෙයින් ප්‍රචලිත වෙමින් පවතී. ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින Facebook Instagram Twitter වැනි සමාජ ජාල හරහා ව්‍යාපාරික ලෝකයේ ඇති තොරතුරු දැන ගැනීමටත් නව ගනුදෙනුකරුවන්, සේවකයින්, හා පාරිභෝගිකයින් ව්‍යාපාරය වෙත ආකර්ෂණය කර ගැනීමටත් ඉතාම උපකාරී වන අතර එය නිවැරදිව භාවිතා කිරීම තුලින් ඔබේ ව්‍යාපාරයට නව ප්‍රවේශයක් ලබා ගත හැකිය. තවද නව තාක්ෂණය දෛනික ව්‍යාපාරික කටයුතු ඉතාමත් පහසු කරවන අතර එය
ව්‍යාපාරයේ ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහාත් සැබෑ ව්‍යාපාරික සාර්ථකත්වයක් අත්කර ගැනීම
සඳහාත් මහත් අත්වැලක් සපයයි.
5) ව්‍යාපාර සඟරා කියවන්න.
*ව්‍යාපාර සඟරා සහ වෙනත් ප්‍රකාශන ඔබේ ව්‍යාපාරයේ අනාගතය සඳහා ඔබේ දැනුම ලබා ගැනීමට උපකාරි වනු ඇත. ව්‍යාපාරික විද්වතුන්ගේ සාර්ථකත්වයට හේතු වෙන කරුණු කාරණා ගැන අධ්‍යයනය කර ඔවුන් අනුගමනය කර ඇති ක්‍රියා පටිපාටි පිළිබඳ අවබෝධයක් ඔබට ලබා ගැනීමෙන් ඔබගේ අරමුණු , ඉලක්ක වෙත සාර්ථක ලෙස ළඟාවීමට ඔබට හැකිවේ. තවද ව්‍යාපාරයේ ආරම්භය තව තවත් වැඩිදියුණු කිරීමට ඔවුන් අනුගමනය කර ඇති කරුණු කාරණා අවබෝධ කර ගැනීමත් ඒවා ඔබේ ව්‍යාපාරයට යොදා ගැනීමත් තුළින් එය ඔබේ ව්‍යාපාරය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යනු නිසැකයි.
6) ඔබේ ඵලදායිතාවය වර්ධනය කරගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න පුරුදු භාවිතා කරන්න.
*සෞඛ්‍ය සම්පන්න වීම ඔබේ ව්‍යාපාරයට විශාල බලපෑමක් ඇති කළ හැකි දෙයක් නොවේ. එහෙත් සෞඛ්‍ය සම්පන්න පුරුදු වර්ධනය කිරීමෙන් ඔබේ නිෂ්පාදනශීලිතාව ඉදිරියට ගෙන යා හැකි වන අතර ඔබේ ඵලදායිතාවය වර්ධනය කරගැනීමට සෑම විටම සෞඛ්‍ය සම්පන්න පුරුදු භාවිත කිරීමට මතක තබා ගන්න. එය ව්‍යාපාරික ජීවිතයට මෙන්ම ඔබේ පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වයටත් උපකාර මහත් සේ උපකාර වේ.
මෙම උපාය මාර්ග නිවැරදිව අනුගමනය කළ හැකිනම් ඔබේ ව්‍යාපාරයේ ආරම්භක මට්ටම ඔබට නොදැනුවත්වම ඉහළ යනු ඇත.
සාරාංශය
*ඔබේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නම් අරමුණ ඉලක්ක කරගත් මානසිකත්වයක් සහිතව කටයුතු කිරීමෙන් ඔබේ ව්‍යාපාරය දිනෙන් දින ජයග්‍රහණයේ මාවත කරා ගමන් කරනු ඇත. ව්‍යාපාරයේ නිසි ප්රතිලාභ ලබා ගැනීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් ඔබේ කැප කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වනු ඇති අතර සෑම විටම ඔබගේ විශ්වාසය හා අවංකව ඔබේ ගනුදෙනුකරුවන්, හා පාරිභෝගිකයින් සමඟ කටයුතු කිරීමෙන් ව්‍යාපාරයේ ආරම්භක මට්ටම ඉහළට ගමන් කරනු නොඅනුමානයි.
No comments:
Post a Comment