මඤ්ඤොක්කා පිටි නිෂ්පාදනය
අවශ්‍ය ද්‍රව්‍ය :-
*මයියොක්කා
අල කිලෝ 10ක්
සාදාගන්නා ආකාරය :-
*මඤ්ඤොක්කා අල, පිට පොත්ත ගලවා, ග්‍රේටරයක ආධාරයෙන් සිහින්ව ගා ජලය සමග හොදින් මිශ්‍ර කොට,
රෙදි කඩකින් හෝ 60 පෙනේරයකින් පෙරන්න. ජලය ජහා එක්වූ පිෂ්ඨය දැලින් හෝ රෙදි කඩින්
පෙරී භාජනයට එක්වේ. මෙය භාජනයකට හෝ ටැංකියකට එක්කොට පැය 3ක පමණ කාලයක් මිදෙන්නට
හරින්න. ඉන්පසුව උඩ ඇති ජලය ඉවත් කර මිදී ඇති තෙත පිෂ්ඨය ගෙන අව්වේ වේලා ගන්න.
*මඤ්ඤොක්කා පිෂ්ඨය වේලාගත් පසු, පිටි වශයෙන් ද ප්‍රයෝජනයට ගත හැකිය. මඤ්ඤොක්කා කිලෝ 8ක් පමණ
පිටි කිලෝවක් සෑදීම සදහා අවශ්‍ය වෙයි.
මඤ්ඤොක්කා අල තෝරා ගැනීමේදී මෙම කරුණු කෙරෙහි
අවධානය යොමු කල යුතුය.
1.
හොදින් මේරූ මඤ්ඤොක්කා අල තොරා ගත යුතුය.
2.
ගලවා පැය 48ක් තුළදී පිෂ්ඨය සාදා ගැනීම සදහා ප්‍රයෝජනයට ගත යුතුයි.
3.
අල හොදින් සේදිය යුතු අතර වැලි නොසිටින සේ සකස්
කර ගැනීමට කටයුතු කළ යුතුයි.
4.
පිෂ්ඨය මිදුණු පසු ජලය ඉවත් කොට පිෂ්ඨය මත ඇති දුඹුරු
පැහැති තට්ටුව ඉවත් කළ යුතුය.
5. මඤ්ඤොක්කා අල තෝරා ගැනීමේදී තුවාල වූ පලුදු වූ හෝ
පැල්ලම් ලප ඇති වූ අල නොගත යුතුය.
6. මඤ්ඤොක්කා පිටි සහ පිෂ්ඨය සාදා ගන්නා ප්‍රදේශය
සුළගින් ආරක්ෂා විය යුතු අතර දූවිලි පවා ගලා නොඑන ස්ථානයක් තෝරාගත යුතුය.
No comments:
Post a Comment