මල් පෝච්චි සෑදීම
අවශ්‍ය ද්‍රව්‍ය :-
සිමෙන්ති
වැලි
කළු හා රතු කුඩු
(මෙම ද්‍රවය නිෂ්පාදන අවශ්‍ය ප්‍රමාණයට යොදාගන්න.)
සාදන ආකාරය :-
>ගගේ වැලි පෙරණයකින් හලාගන්න. පසුව සිමෙන්ති 1 කට වැලි 5ක් දමා කලවම් කරන්න. දියාරු නොවන ලෙස මිශ්‍රණය සකස් කරගෙන් මල් පෝච්චි අච්චුවට සිමෙන්ති මිශ්‍රණය දමා අඟල් ½ ක ගණකමට සිටින සේ අච්චුව වටේ ගාගන්න. අඩියේ අඟල් ½ ක විෂ්කම්භය තිබෙන පරිදි සිදුරක් කරන්න. සම්පූර්ණයෙන්ම මට්ටම් කල පසු පෝච්චියට වැලි පුරවා තද කොට ආපසු හරවා මිබ නමන්න.
>වෙළුණු පසුව සිමෙන්ති පමණක් දියකර පෝච්චිය වටේ ඔප මට්ටම් කර රතු හෝ කළු දියකර වර්ණ කරන්න.
(මල් පෝච්චි අච්චු ෆයිබර් ග්ලාස් වලින් විවිධ ප්‍රමාණයන්ගෙන් සාදා ඇත. වෙළදපොලෙන් මේවා මිලදී ගත හැකිය. නිෂ්පාදනය කරන්නන් විසින් විවිධ වර්ගයේ හා ප්‍රමාණයේ පෝච්චි නිෂ්පාදනය කළ යුතුය.)
>උද්‍යාන අලංකරණය සඳහා විසිතුරු සතුන්, දියඇලි, මිනිස් රූප ආදිය වර්තමානයේ ජනප්‍රිය අංගයක් වී තිබේ. කොටස් 2කට තනා සවිකර ගත හැකි ආකාරයේ ෆයිබර් ග්ලාස් අච්චු රැගෙන සිමෙන්ති මිශ්‍රණයට ¼ කම්බි දමා ඔබට උද්‍යාන අලංකරණ නිර්මාණ නිෂ්පාදනය කළ හැකිය.
No comments:
Post a Comment