Friday, 31 January 2020

හඳුන්කූරු නිෂ්පාදනය

හඳුන්කූරු නිෂ්පාදනය


Image result for හදුන් කූරු
අවශ්‍ය අමුද්‍රව්‍ය :-
ලී කුඩු කොටස් 12යි
අඟුරු කුඩු කොටස් 12යි
පට්ටා කොටස් 12යි
සඳුන් කුඩු කොටස් 06යි
සැවැන්දරා කොටස් 06යි
සාම්බ්‍රානි කොටස් 02යි
(මෙම අමුද්‍රව්‍ය නිෂ්පාදන ප්‍රමාණය අනුව වෙනස් වේ.)


හඳුන්කූරු නිෂ්පාදනය කරන අයුරු :-
>පළමුවෙන්ම ඉහත සදහන් අමුද්‍රව්‍ය පෙනේරයක අධාරයෙන් හලාගෙන හොඳින් මිශ්‍ර කරගත යුතුය.
>ඉන්පසුව එම මිශ්‍රණයෙන් කොටසක් ගෙන එය ජලය සමග මිශ්‍ර කොට තලපයක් මෙන් සකස් කරගන්න.
>මීළගට සකස් කරගත් උණකූරුවල කලින් සාදාගත් මිශ්‍රණයෙන් කඩා ගත් කුඩා කැබලි සුමට පෘෂ්ටයක් සහිත ලෑල්ලක් මත තබා ඔතා ගන්න.
>මෙසේ සාදාගත් හඳුන්කූරු හොඳින් අව්වේ වියලා ගෙන ඒවාට සුදුසු සුවඳ වර්ගයක් සාදා ස්ප්‍රේ කරන්න.

හඳුන්කූරු සඳහා සුවඳ සාදන ආකාරය :-
වයිට් ඔයිල් කොටස් 03යි
ජෙස්මින් හෝ වෙනත් සුවඳ කොටස් 01යි

>ඉහත දැක්වූ ද්‍රවය එකට මිශ්‍ර කර සාදාගත් සුවඳ මිශ්‍රණය ස්ප්‍රේ යන්ත්‍රයක අධාරයෙන් හඳුන්කූරු මත හොඳින් ස්ප්‍රේ කළ යුතුය.
මෙසේ සාදාගත් හඳුන්කූරු පැකට්වලට අසුරා වෙළඳ නාමයක් යටතේ වෙළඳපොළට ඉදිරිපත් කළ හැකිය.

No comments:

Post a Comment