Friday, 31 January 2020

කෝඩියල් නිෂ්පාදනය

කෝඩියල් නිෂ්පාදනය
Image result for කෝඩියල්
අවශ්‍ය ද්‍රව්‍ය :-
පලතුරු යුෂ 500g (අඹ, අන්නාසි, දිවුල් ආදී)
සීනි 500g
ජලය 400g
සී. එම්. සී පවුඩර් 12.5g
සිට්‍රික් අම්ලය 2.5g
ග්ලිසරින් 2.5g
සෝඩියම් මෙටාබයිසල්පයිට් ස්වල්පයක්
පෙක්ටින් ස්වල්පයක්

කෝඩියල් සාදන ආකාරය :-
>පළමුවෙන්ම ලිප මත තැබූ ජාල බදුනකට ක්‍රමයෙන් සීනි දමමින් එය රත්කරගන්න. මෙහිදී 60%ක ප්‍රතිශතයකින් යුත් සීනි ද්‍රාවණයක් පිළියෙළ කරගත යුතුය.


>මීළඟට හොදින් පෙරාගත් පලතුරු යුෂ වලට සී. එම්. සී පවුඩර් එකතුකර ලිප මත වූ සනි ද්‍රාවණයට දමා හොදින් හැඳිගාන්න.
දැන් මෙම ද්‍රාවණයට ග්ලිසරින් සහ සිට්‍රික් අම්ලය දමා ඊටම පෙක්ටින් ඉතා ස්වල්පයක්ද එකතුකොට මුළු ද්‍රාවණයම 900 C දක්වා රත් කරගත යුතුය.


>මෙම ද්‍රාවණය උදුනෙන් බාගත් පසු ඊට රසකාරක සහ වර්ණකාරක ද සෝඩියම් මෙටාබයිසල්පයිට් ස්වල්පයක්ද එකතු කර සම්පූර්ණයෙන්ම ජීවානුහරණය කරන ලද බෝතල්වලට පුරවා විස්තර ඇතුලත් ලේබල් අලවා වෙළදපොලට යවන්න.

(ඉහත සදහන් පරිමාණ නිෂ්පාදන ප්‍රමාණය අනුව වෙනස් වේ)
(මෙටාබයිසල්පයිට් කල්තබා ගැනීම සදහා යොදාගනී.ඒවා ඉතා සුළු ප්‍රමාණයක් යොදාගන්න.)

No comments:

Post a Comment